Saturday, August 27, 2016

Pr සිංහලෙන් 2 වන කොටස

හරි අපි කලින් පාඩමේදී කතා කරේ ගොඩාක් සරල විදිහට කොහොමද images වලින් video 1ක් හදාගන්නේ කියලා. ඔයාල ඒක කරලා බැලුවා නම් තේරෙන්න ඇති එකේ සමහර තැන් වල අවුල් තියනවා.
video එකේ qualitya අඩුයි, Blur වෙලා ඒ වගේ දේවල්,  Pr කියන්නේ video edit කරන්න use කරන professional මට්ටමේ software එකක් එකෙන් ඒ වගේ අවුල් වෙන්න බෑනේ.
ඒ හැමදේම හදාගන්න මේකේ අවස්ථාව තියනවා හැබැයි මේක කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ කරලා බලන් නැතුව. මෙකෙදී ගොඩාක් අවුල් ඔයාටම experience 1ත් එක්කම හදාගන්න පුළුවන් වෙයි.
මම මේකේ ගොඩාක් practical පැත්ත තමයි කියල දෙන්නේ. මොකද නැත්තන් ඔයාලට කම්මැලි වෙන්න පුළුවන්. මගේ අරමුණ තමයි හැමෝටම මේ දේවල් ඉගෙන ගන්න ආසාවක් ඇති කරන එක වගේම තමන්ට ඕනි කරන සරල video1k ඕනිම කෙනෙක්ට හදාගන්න help කරන එක.

අපි අද බලමු පළමු පාඩමේම අලුත් කොටසක්. මම අද කලින් පාඩමේ අඩුපාඩු හදන විදිහ වගේම pr වල title use කරන විදිහත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔයාලට මතකනේ මම images add කරගත්ත විදිහ. file>>import වලින් images ටිකක් add කරගන්න.
මම කලින් එකම use කරනවා.




මම දැන් කලින්ට වඩා වෙනස් විදිහකට Transitions use කරන්න යන්නේ බලමු ඒක කරන විදිහ.
මම මේකට video Track2ක් use කරනවා.
මුලින්ම එක image1ක් video 2 කියන Track එකට drag කරගන්න.



මම මුලින් ඔයාලට කිව්වා මතක ඇති අපේ video එකේ Size(width & height) එකට හරියන images use කරන්න කියලා. අපි දැන් බලමු අපි add කරපු image එකක size එක අපේ project eke Frame size එකට සමාන නැති වුනොත් ඒක හදාගන්න විදිහ.මුලින්ම image එක උඩ click කරන්න.පහල රූපේ බලන්න.



මේ රුපෙට අනුව මුලින්ම video track එකේ තියන image එක click කරන්න. ඊට පසුව program Monitor එක උඩ double click කරන්න.program monitor එක රුපයේ දකුණු පැත්තේ තියනනේ.වම් පැත්තේ තියෙන්නේ source monitor එක.ඒ දේවල් අපි හිමින් තේරුම් ගමු. දැන් රුපයේ 3න් වැනි පියවර ලෙස දක්වා ඇති තැන තියන ඊතලය click කර ඒ අගයන්ගෙන් 10% ලබා දෙන්න.



උඩ රුපයෙන් ඔයාලට පෙන්නේ අපේ video එකේ size එකට වඩා ලොකු image1ක් ආවම ඒක program monitor එකේ පෙන්නන විදිහ.ඔයාලට පේනවා ඇති සුදු පාට කොටුවකින් image එකේ real size එක පෙන්නවා.හරි දැන් මේ වගේ උනොත් ඔයාලට කරන්න තියෙන්නේ මම රූපේ දාලා තියන විදිහට point එකකින් ඇදලා අපේ image එක video එකේ size එකට ගන්න. ඊට පස්සේ පෙන්නේ මෙහෙම.



මම පලවෙනි රුපෙන් පෙන්නලා තියෙන්නේ අපේ pic එක හදාගත්තාම පෙන විදිහ Zoom Level 10%.
2 රුපෙන් පෙන්නේ මම කලින් 10% අඩු කරපු zoom Level එක fit කරාට පස්සේ පෙන විදිහ.ඔයාලා video එකකට images ගන්නකොට video එකේ size එකට හරියන images select කරගන්න. අපි select කරගන්න image ලොකු වුනොත් මෙහෙම හදාගන්න පුළුවන්.එත් අපේ image පොඩි වුනොත් මෙහෙම ලොකු කරන්න එපා එහෙම උනොත් video  එක blur වෙන්න පුළුවන්. එත් එක කරලම බලන්න.හරි මේ වගේම ඔයාලගේ images ලොකු නම් video screen size (720 x 570) එකට හදාගන්න.

දැන් අපි Transition use කරමු, මම කිවුවනේ වෙනස් විදිහකට කරනවා කියල අපි දැන් එක බලමු.කලින් අපි image1ක් video2 එකට දැම්මනේ. දැන් අපි ඒ වගේම video1 එකටත් image1ක් දාගමු. පහල රූපේ පෙන්නේ  එහෙම දාගත්තම පෙන විදිහ. මම 2වෙනි image එක දාගන්නේ පලවෙනි එකට ටිකක් දුරින් එක ඔයාට රුපෙන් බලාගන්න පුළුවන්.


හරි දැන් අපි Transitions use කරමු.ඊට කලින් මම තව පොඩි දෙයක් කියල දෙන්නම්. සමහරවිට මගේ user interface එකයි ඔයාලගේ User interface එකයි  වෙනස් ඇති.අපි ඒ ගැන බලමු.






මේ රූපේ හැටියට ඔයාලා Window>>Workplace වලට ගියාම ඔයාලට ගොඩක් workplace පෙන්නයි. මම use කරන්නේ Editing (CS5.5) ඒක ඔයාල කැමති1ක් use කරන්න.ඔයාල ගන්න Workplace එක අනුව මේකේ interface1 ටිකක් වෙනස් වෙනවා. මේකේ workplace අනුව අපේ option tab තියන තැන් වෙනස් වෙනවා. ඒක එක එක workplace වෙනස් කරලා තේරුම් ගන්න. දැන් අපි Transitions use කරමු.




දැන් රුපයේ ආකාරයට ඔයාලා Transitions වලට ගිහින් කැමති transitionක් select කරගෙන රුපයේ ආකාරයට drag කරගන්න.මම use කරේ 3d Motion වල cube spin කියන Transition 1.ඊට පස්සේ පහල රූපේ වගේ අපේ image2 හදාගන්න.



දැන් මේක Play කරලා බැලුවොත් ඔයාලට එක image එකකින් පස්සේ අනිත් image එක ලස්සනට එනවා පෙනෙයි පහල රූපේ වගේ.මට කියන්න පුළුවන් ඔච්චරයි කරලම බලන්න.



මේකට වෙන Transition දලා වෙනස්කම් කරලා බලන්න.ඒ වගේම තමයි අපි මොනමහරි වෙනස් කමක් කරපු ගමන් render කරන්න අමතක කරන්න එපා.(Press Enter or Go to Sequence>>Render Effects in Work Area ) එත් ඔයාලට පුළුවන් දිගටම effect add කරලා changes කරලා අන්තිමට render කරන්න එත් එකට ලොකු වෙලාවක් යන්න පුළුවන් අපේ machine එකේ performance එක්ක, එකත් ඔයාලම කරලා බලන්න.


ඔන්න  මම තව images ටිකක් දලා Transitions දාලා මගේ video එක හදාගත්ත.දැන් බලමු කොහොමද Pr වල title use කරන්නේ කියල,

මුලින්ම Title>>New Title යන්න,පහල රූපේ වගේ ඔයාලට පෙනෙයි.



මේකෙදී මම use කරන්නේ Default Still කියන option එක අනිත් option use කරලා බලන්න.මෙහෙම ගියාම ඔයාලට පහල රූපේ වගේ වෙනම option box1ක් එවී,



මේකේ Width & height 720 x 576 තියාගන්න. Timebase:-25.00fps. Pixel Aspect Ratio:D1/DV PAL Widescreen දෙන්න. name එකට කැමති නමක් දීලා ok කරන්න.



ඊට පස්සේ ඔයාලට උඩ රූපේ වගේ වෙනම window එකක් හම්බෙයි. මේකෙන් තමයි අපිට ඕනි කරන title type කරගන්නේ size එක හදාගන්නේ,Font change කරගන්නේ ඒ වගේ දේවල් කරන්නේ. මේකේ තියන ඒවා කරලා බලන්න.



හරි ඊළගට screen එකේ කැමති තැනක click කරලා තමන්ට ඔනී දෙයක් type කරගන්න.ඊට පස්සේ selection tool එකෙන් එක select කරගෙන ඔයාලට ඔනී වෙනස්කමක් කරගන්න. පහල රූපේ වගේ,


ඊට පස්සේ මම මේකට කැමති Colors, Fonts, use කරලා මගේ title එක හදා ගන්නවා. පහල රූපේ වගේ.





ඔයාලට පුළුවන් window එකේ දකුණු  පැත්තේ තියන options වලින් ඔයාලගේ font size, font type,font color වගේ දේවල් වෙනස් කරගන්න. ඒ වගේම styles use කරන්නත් ඔයාලට පුළුවන් මේ දේවල් කරලම බලන්න. මේ දේවල් කරලා ඔයාලගේ title ඕනි විදිහට හදාගෙන ඒ window එක close කරන්න.බය වෙන්න එපා close කරා කියලා අපේ title එක නැති වෙන් නෑ.



මම ඉහත රුපෙන් පෙන්නුවේ අපේ title එක එන තැන. හරි දැන් එක අපි use කරන විදිහ බලමු.මුලින්ම එක drag කරලා දාගන්න video 3 කියන track එකට.ඒක කරන විදිහ පහල රුපෙන් බලන්න.




හරි ඊට පස්සේ අපිට පුළුවන් අපේ title එකේ duration එක හදාගන්න, title එකේ කොනටම ගියාම අපේ mouse point එක red color arrow එකක් වෙනවා එතකොට අපිට පුළුවන් අපේ title එක ඕනි ගානට හදාගන්න. බලන්නකෝ පහල රූපේ.



උඩ රූපේ වගේ ඔයාලත් ඔයාලගේ ඒක ඕනි තැනකට හදාගන්න. ඊට පස්සේ මම title එකටත් transitions 2ක් දාලා පහල රූපේ වගේ හදාගන්නවා.



මේක අපි හදන සරල video1k නිසා මම Title එකට animations use කරන නෑ. ඒවා අපි ඉස්සරහට බලමු.
මම video එකේ මුලට වගේම අගටත් title එකක් use කරනවා.බලමු එක කරන විදිහ.


හරි ඔයලට මේකෙදි  කරන්න විදි 2ක් තියනවා එකක් තමයි මුලින් මම කිව්ව විදිහට අලුතෙන් title එකක් අරන් කලින් වගේම හදාගන්න එක. එහෙම නැත්තම් තියන Title එකෙන්ම Copy1ක් අරන් හදන විදිහ.මම කරන්නේ ඒ විදිහ මොකද මට මුල වගේම font size, style ඔනී ඒ නිසා මම මුල එකේ copy1ක් අරන් ඔනී වෙනස් කම් කරලා හදාගන්නවා.



ලන්නකෝ උඩ රූපේ මම මගේ කලින් හදපු title  එක උඩට ගිහින් R-Click කරලා එකේ duplicate 1 ක් ගන්නවා.හරි ඊට පස්සේ මම ඒ duplicate එක උඩ double click කරලා එකේ options window එකට යනවා.පහල රූපේ.



ඊට පස්සේ මම මගේ කලින් එක වෙනස් කර ගන්නවා උඩ රූපේ වගේ. ඔයාලට පේනවා ඇති උඩින් තියන title එකෙට යටින් තව එකක් ඒ තමයි කලින්Title එක. හරි දැන් මම කලින් වගේම මේක close කරනවා.
දැන් කලින් කරා වගේම අපේ අලුත් title එක video එක අන්තිමට දාලා වැඩේ ඉවර කරගන්න.




හරි දැන් ඉතින් render කරලා play කරලා බලන්න.
ඒ වගේම තව පොඩි දෙයක් කියන්නම්. ඔයාලට පුළුවන් title උඩ double click කරලා ඒවා ඕනිම වෙලාවක change කරගන්න.මතක තියාගන්න ඔනී වැදගත් දෙයක් තමයි අපිට ඕනි title ගානට අපි අලුතෙන් title හදාගන්න ඔනී කියන එක. මොකද අපි title එක time line එකට drag කරාට එක අපි වෙනස් කරොත් අපේ title වෙනස් වෙනවා. 

හරි එහෙනම් අදට පාඩම ඉවරයි. ප්‍රශ්ණ තියනවා නම් අහන්න.


ඊලග පාඩම ගැන පොඩි දෙයක් කියලම නවත්තන්න හිතුවා. ඔයාල දැකලා ඇතිනේ films,videos වල ඔරලෝසුවේ කටු හයියෙන් කැරකෙනවා. අන්න ඒ වගේ දෙයක් කරගන්න විදිහ අපි ඊලග පාඩමෙන් බලමු. 

බලන්නකෝ මේ video එක Clock ticking fast  මේ වගේ දෙයක් තමයි කරන්න යන්නේ.
ඊලග පාඩමෙන් නැවත හමුවෙමු.
සුබ දවසක්.!

2 comments:

  1. එල... එල.... දිගටම කරගෙන පලයන් Bro... !
    සුබ පැතුම් ! !
    (අකුරු ටිකක් විතර ලොකු කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නේ....)

    ReplyDelete
  2. Thanks Bro....ඉස්සරහටත් මේ වගේම Help කරහන්....එල එල Thanx machooo...

    ReplyDelete